ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජාතික විද්‍යා පා ගමන අති සාර්ථක ව

    නොවැම්බර් 08, 2014

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද ශ්‍රී ලංකාවේ පළමු විද්‍යා පා ගමන අද (08) දේශීය තාක්ෂණය, යුද තාක්ෂණය, ජල රොකට්, විවිධ තාක්ෂණික ප්‍රදර්ශන රථ සමගින් 1500 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණ.

     

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රමූඛ ව විද්‍යාඥයින්, අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනවල නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්  සහ ආරාධිතයන් පා ගමනට එක් ව සිටියහ.

     

    නව නිපැයුම්කරුවන් විසින් නිර්මාණය කරන ලද නව නිර්මාණ සහ අප ඒ වෙනුවෙන් කරන කැපවීම ප්‍රදර්ශනය කරමින් ඉතිහාසයේ පළමු වතාවට ජාතික විද්‍යා සතියට සමගාමීව මෙම පාගමන දියත් කරන ලදි. "විදුහුරු හෙටක් - තිරසර රටක්" නමින් පසුගියදා ප්‍රකාශයට පත්කළ ජාතික විද්‍යා සතිය ලබන 10 වනදා ලෝක විද්‍යා දින සැමරුමෙන් නිමාවට පත්වේ.

     

    මේ සම්බන්ධව රටේ ජනතාව දැනුවත් කිරීමට අපේ රටේ විවිධ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, විද්‍යාඥයින්, නව නිපැයුම්කරුවන්, ත්‍රිවිධ හමුදාව මෙන්ම පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්  සම්බන්ධ කරගනිමින් ජාතික විද්‍යා පා ගමන පැවැත්වුණු අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතීන් විදහා දක්වමින් හා නවෝත්පාදනයන් සමඟින් නිර්මාණාත්මකව ජාතික විද්‍යා පා ගමන නිමාවට පත්විය.


    HC

     

    National Science week - 1

     

    National Science week -2

     

    National Science week - 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya