විනාඩියක නිශ්ශබ්දතාවකින් මෙන් මල් කළඹවලින් ද මිය ගිය රණ විරුවන් වෙනුවෙන් උත්තමාචාර පිරිනැමීය. යුද හමුදා සංස්කෘතියකට අනුව ත්‍රිවිධ හමුදා ආචාර වෙඩි මුර පවත්වා රණ විරුවන් සිහිපත් කළේය.
මෙම අවස්ථාවට සේවා මුක්ත භටසංගමයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එක්වූහ.
"පොපි මලක් පළඳා ඔබේ දායකත්වය ලබාදෙන්න" යන්න මෙවර පොපි මල් සැමරුම් දිනයේ තේමාව වී ඇත.
යුද හමුදා කාර්යමණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ, නාවික හමුදා කාර්යමණ්ඩල ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදා කාර්යමණ්ඩල ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, තානාපතිවරු, රාජ්‍ය නිලධාරීන්, විශ්‍රාමික නිලධාරීන් සහ මිය ගිය රණ විරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DB



















