ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ගිගුරුම් සහිත වැසි

    නොවැම්බර් 17, 2014

    අද (17) දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට මහනුවරට නුවරඑළියට රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට මඩකළපුවට ත්‍රිකුණාමලයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මන්නාරමට  යාපනයට මඳ වැසි ඇතිවේ.

     
    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    කටුනායක, රත්නපුර සහ මත්තලින් මීදුම් සහිත තත්ත්වයක් අද උදෑසන වන විට වාර්තා වී තිබේ.


    අද උදෑසන 5.30 වන විට මි.මී. 44.0ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 15.4ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද මි.මී. 33.3ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 16.8ක වර්ෂාපතනයක් ගාල්ලෙන් සහ කටුනායකින් ද මි.මී. 11.5ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 17.1ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ද මි.මී. 36.0ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද මි.මී. 18.7ක වර්ෂාපතනයක් මොනරාගලින් ද මි.මී. 26.8ක වර්ෂාපතනයක් මත්තලින් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.9°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.1°C නුවරඑළියෙන් ද මි.මී. 26.5ක උපරිම වර්ෂාපතනය හිනිදුම ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya