ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    පුත්තලම සිට ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි

    අප්‍රේල් 25, 2014

    අද (25) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල උදය කාලයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව රාත්‍රී කාලයේදී ද දිවයිනට බස්නාහිර, නිරිතදිග සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.


    සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.


    සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya