අද උදෑසන 05.30ට දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
දිවයිනට නැගෙනහිර සහ දකුණු දෙසින් පවතින ක්රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් කන්කසන්තුරේ සිට ත්රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්රදේශවල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇති අතර එවිට එම මුහුදු ප්රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී. සෙසු මුහුදු ප්රදේශවල ද සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැක.
HC