ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    2015 ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගැනීම දෙසැ: 8

    නොවැම්බර් 22, 2014

    ඉදිරි ජනාධිපතිවරණයේ නාමයෝජනා පත‍්‍ර භාරගැනීම රාජගිරියේ පිහිටි, මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී ලබන දෙසැම්බර් 8 වැනි දින පෙරවරු 9.00ට ආරම්භ කෙරේ.


    පෙරවරු 9.00 සිට 11.00 දක්වා නාමයෝජනා පත්‍ර භාරගැනීමට නියමිත ය.  


    1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ පනතේ 2 වැනි සහ 8 වැනි වගන්ති අනුව නාමයෝජනා පත‍්‍ර භාරගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙසේ දින නියම කරනු ලැබ තිබේ.


    එදින ඉදිරිපත් කරනු ලබන නාමයෝජනා සම්බන්ධයෙන් පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා කාලයේ දී විරෝධතා ඉදිරිපත් කළ හැකි වේ.

    යම් ප‍්‍රතිවිරුද්ධ අපේක්ෂකයෙකු විසින් හෝ ප‍්‍රතිවිරුද්ධ අපේක්ෂකයාගේ නාමයෝජනා පත‍්‍රය අත්සන් කරන ලද තැනැත්තා විසින් මෙම විරෝධතා ඉදිරිපත් කරනු ලැබිය හැකිය.


    ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් පනස් දහසක මුදලක් ද එසේ නොවන අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් හැත්තෑ පන්දහසක මුදලක් ද තැන්පත් කළ යුතු වේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya