ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ පෙරළීම රාජ්‍ය සේවකයෙකුගේ වගකීම නොවේ Featured

    නොවැම්බර් 25, 2014
    ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ පෙරළීමට ක්‍රියාකිරීම රාජ්‍ය සේවකයෙකුගේ වගකීමක් නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (25) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
     
    ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ යම් හැඟිමක් ඇති නම් මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත පහරදීමෙන් වළකින ලෙසත් ආණ්ඩුවත් මැතිවරණ දෙපාර්තමේන්තුවත් අංශ දෙකක් බවත් පෙන්වාදුන් දේශප්‍රිය මහතා රජයේ කිසිවෙකුට හෝ මැතිවරණ කොමසාරිස්වරයා වෙත නියෝග කිරීමට හෝ බලකිරීමට නොහැකි බවත් පෙන්වා දුන්නේය.
     
    මැතිවරණ කොමසාරිස්වරයා ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කරන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් විසින් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ මීට පෙර රාජකාරි සිදු කළ සියලු කොමසාරිස්වරුන් පත්කරනු ලැබූවේ ද තමන් පත් කළ ආකාරයෙන් ම බවත් තම කාලයේ පමණක් නොව ඊට පෙර ද ශ්‍රී ලංකාවේ සාධාරණ මැතිවරණයක් පවත්වා නැත්දැයි ප්‍රශ්න කරමින් කියා සිටියේ එවැන්නක් සිදු වූයේ නම් උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය එසේ වන්නේ කෙසේදෙ යන්නය. 
     
    රාජ්‍ය සේවක ස්ථානමාරු කිරීම් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඡන්ද විමසීමට බාධාවක් නොවන ආකාරයෙන් මෙන් ම සාධාරණ හේතූන් වෙනුවෙන් ස්ථාන මාරු කිරීමේ අවස්ථා ඇති බවත් දේශපාලන හේතූන් මත සිදු කරනු ලබන ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් පැමිණිලි පැමිණියහොත් ඒවා නතර කිරීමට පියවර ගන්නා බවත්ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya