ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ශී‍්‍ර ලංකාවට සම්බාධක පැනවිය යුතු බවට බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරු කරන ප‍්‍රකාශය එරට රජය පිළිගෙන නැහැ - ඇමති ජී.එල්.

    නොවැම්බර් 29, 2014

    එක්සත් ජාතීන්ගේ විමර්ශනයට සහය නොදක්වන්නේ නම් ශී‍්‍ර ලංකාවට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවට බි‍්‍රතාන්‍ය මන්තී‍්‍රවරු පිරිසක් පවසා තිබේ.

    එහෙත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ මෙම ප‍්‍රකාශය බි‍්‍රතාන්‍ය රජය විසින් සිදුකළ ප‍්‍රකාශයක් හෝ තීරණයක් නො වන බවයි.

     

    බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ කමිටු සාමාජිකයින් පිරිසක් පවසන්නේ යෝජිත ජාත්‍යන්තර විමර්ශනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමසාරිස් මඟින් කණ්ඩායමක් පත් කර ඇති බවයි.

     

    ඔවුන්ට අදාළ විමර්ශනය සඳහා ශී‍්‍ර ලංකා රජය අවස්ථාව ලබාදිය යුතු බව අදාළ මන්තී‍්‍රවරු පිරිස පවසා ඇති අතර ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් සිදු කෙරෙන මෙම විමර්ශනයට ඉන්දියාවේ නව රජය ද සහය දැක්විය යුතු බව ඔවුන් කියයි.

     

    එමෙන්ම මෙලෙස සිදු කළ ප‍්‍රකාශ කිසිවක් බි‍්‍රතාන්‍ය රජය විසින් පිළිගෙන හෝ අනුමත කර නොමැති බවද ජී.එල්. පීරිස් මහතා අවධාරණය කළේය.

     

    මෙය බි‍්‍රතාන්‍ය රජයේ තීරණයක් නොවන බැවින් ඒ පිළිබඳ කළබල නොවිය යුතු බව ඊයේ (28) ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya