ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය ප්‍රතිසංවිධානය කිරීමට කමිටුවක්

    අප්‍රේල් 28, 2014
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය ප්‍රතිසංවිධානය කිරීමට වහාම පියවර ගන්නා ලෙස අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් අනුව ඒ සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.‍ජේ. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර තිබේ. 
     
    මෙහි පළමු පියවර ලෙස පළාත් මට්ටම්න් මෙම ප්‍රතිසංවිධානය සිදුකර ඉන්පසු දිස්ත්‍රික් මට්ටමින් සහ ආසන මට්ටමින් ප්‍රතිසංධාන කටයුතු ව්‍යාප්ත කිරීමට නියමිතය.
     
    ගුරුවරුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය විශාල කාර්යභාරයක් සිදුකළත් එහි ඇගයිම, ප්‍රශංසාව වෙනත් වෘත්තීය සමිති විසින් ලබා ගැනීම කනගාටුවට කරුණක් බව මෙම ප්‍රතිසංවිධාන කටයුතු  සිදුකළ යුතු ආකාරය පිළිබඳව ඩබ්ලිව්.ඩී.‍ජේ. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව සහ  ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ නියොජිතයන් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී අනාවරණය විය. 
     
    මෙම තත්ත්වයන් සඳහා ශක්තිමත් වැඩපිළි‍වෙළක් සහ ප්‍රචාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ගුරුවරුන්ගේ ආකර්ෂණය දිනාගැනීමට හැකි සංගමයක් බවට ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන බවත්, ඒ සඳහා අවශ්‍ය තීන්දු, තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
     
    එළඹෙන ජුනි මස අවසන් වීමට ප්‍රථම මෙම ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කිරීමට නියමිතය. මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහ ඇමතිවරුන් වන ප්‍රසන්න රණතුංග, මහීපාල හේරත්, ශාන් විජය ලාල් සිල්වා, සරත් ඒකනායක, දයාසිරි ජයසේකර, අබ්දුල් මජීඩ්, ශෂීන්ද්‍ර රාජපක්ෂ සමග පළාත් අමාත්‍යවරුන් වන භාණු මුණිප්‍රිය, චන්දිම රාසපුත්‍ර, විමලවීර දිසානායක, කේ.එච්. නන්දසේන යන මහත්වරුන්ය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya