ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    යාපනයේ පූත්තූර් සෝමාකන්දා විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණය සිසු අයිතියට Featured

    අප්‍රේල් 28, 2014

    මහින්ද චින්තන ඉදිරිදැක්ම යටතේ අධ්‍යාපනය හා දැනුම රටට උචිත අයුරින් ප්‍රතිනිර්මාණය කරමින් ප්‍රාථමික පාසල් 5000ක් සහ ද්විතීයක පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ යාපනය, පූත්තූර් සෝමාකන්දා විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණය සිසු අයිතියට පත්කිරීම පසුගියදා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


    පරිපාලන ඒකකය, උසස් පෙළ විද්‍යාගාරය, කෘෂිකර්ම ඒකකය, සෞන්දර්ය අංශය, පුස්තකාල ඒකකය හා පන්ති කාමර යන ඒකකවලින් මෙම ගොඩනැගිලි සංකීර්ණය සමන්විත වේ.

     

    මේ අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ටී. විග්නේෂ්වරන්, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී. කුරුකුලරාජා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    NDH/KPM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya