Ho Chi Minh මැතිතුමාගේ 124 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නිකුත් කළ මෙම සමරු මුද්දරය තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතා අතින් ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ටොම් සිං ටැන් මහතා වෙත පිරිනැමීය.
රුපියල් 5ක වටිනාකමින් යුතු නව තැපැල් මුද්දරය වර්ණ හතරකින් සමන්විතය. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එච්.එම්. ෆවුසි, තැපැල් සේවා ඇමැති
ජීවන් කුමාරතුංග, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර, තැපැල් සේවා අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, තැපැල්පති රෝහණ අභයරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
DB



















