ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් Featured

    දෙසැම්බර් 22, 2014

    අද (22) වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඇති බැවින් වැසි ලැබීමට ඉහළ හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් විශේෂයෙන් සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානවලට මිලී මීටර් 100ක පමණ තද වැසි ද  ඇතිවීමට ඉඩ ඇත.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට රත්නපුරයට අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මහනුවරට නුවරඑළියට විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත කාලගුණයක් පවතී.

    අනුරාධපුරයට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට මඩකළපුවට විටින් විට වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 69.9ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 18.6ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද‍ මි.මී. 44.3ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 16.7ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද මි.මී. 40.1ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද  මි.මී. 21.5ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 86.0ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමෙන් ද මි.මී. 49.8ක වර්ෂාපතනයක් මන්නාරමෙන් ද මි.මී. 5.6ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 51.6ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 34.6ක වර්ෂාපතනයක් ත්‍රිකුණාමලයෙන් ද මි.මී. 61.1ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 77.9ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද මි.මී. 26.5ක වර්ෂාපතනයක් මත්තලින් ද වාර්තා වී තිබේ. අනෙක් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.

     

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 29.0°C කොළඹ, ගාල්ල සහ රත්නපුරින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.3°C ගාල්ල ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.3°C නුවරඑළියෙන් ද මි.මී. 209.9ක උපරිම වර්ෂාපතනය පොලොන්නරුව ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.



    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya