ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන්ගේ ශී‍්‍ර ලංකා අපෝස්තලික සංචාරයේ නිල වැඩපිළිවෙළ Featured

    ජනවාරි 12, 2015

    කොළඹ අගරදගුරු කාර්යාලය විසින් නිකුත් කරන ලද අති උතුම් ප‍්‍රැන්සිස් සුදුතුම් පියාණන්ගේ ශී‍්‍ර ලංකා අපෝස්තලික සංචාරයේ නිල වැඩපිළිවෙළ මාධ්‍යට නිකුත් කර ඇත.

    ඒ අනුව 2015 ජනවාරි 12- 15 වැඩසටහන් පෙළගැස්ම පහත පරිදිය.

     

    2015 ජනවාරි 12 - සඳුදා

    ප.ව. 19:00 - රෝමයේ ෆියුමිචිනෝ ගුවන්තොටුපොළින් කොළඹ බලා පිටත්වීම


    2015 ජනවාරි 13 - අඟහරුවාදා

    පෙ.ව. 09:00 - කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවීම සහ පිළිගැනීමේ උත්සවය.

    ප.ව. 13:15 - කොළඹ අගරදගුරු මැඳුරේ දී ශී‍්‍ර ලංකා කතෝලික රදගුරු මඬුල්ල හමුවීම.

    ප.ව. 17:00 - ජනාධිපති මැඳුරේ දී ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රීක සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමන් සමඟ විශේෂ හමුව.

    ප.ව. 18:15 - කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අන්තර් ආගමික නායක හමුව.


    2015 ජනවාරි 14 - බදාදා

    පෙ.ව. 08:30 - කොළඹ ගාලු මුවදොර පිටියේ දී දිව්‍ය පූජා යාගය සහ භාග්‍යවන්ත ජුසේවාස් පියතුමන් ශුද්ධවරයට එසැවීම.

    ප.ව. 14:00 - මරඳ මඩු සිද්ධස්ථානය කරා පිටත්වීම.

    ප.ව. 15:30 - මරඳ මඩු ජපමාල දේවමාතා සිද්ධස්ථානයේ දී දේවමාතාවන්ට කෙරෙන යාච්ඥා මෙහෙය.

    ප.ව. 16:45 - කොළඹ බලා පිටත්වීම.


    2015 ජනවාරි 15 - බ‍්‍රහස්පතින්දා

    පෙ.ව. 08:15 - බෝලවලාන, "සොලොස්වන බෙනඩික් සුදුතුම් පිය සංස්කෘතික ආයතනයේ දෙව්මැඳුරට" සැපත්වීම.

    පෙ.ව. 08:45 - කොළඹ බණ්ඩාරානායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී සමුගැනීමේ උත්සවය.

    පෙ.ව. 09:00 - කොළඹ සිට පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්වීම.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya