ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ ඇතැම් ප්‍රදේශවල සංචාරයට පනවා තිබූ තහනම ඉවතට Featured

    ජනවාරි 17, 2015

    මෙරටට පැමිණෙන විදේශිකයන්ට උතුරේ ඇතැම් ප්‍රදේශවලට යාමට පනවා තිබූ තහනම ද ඉවත්කර ඇත. ඔවුන්ට රටේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට  දීමට ද ආරක්ෂක මණ්ඩලය තීරණය කර ඇත.

    ඊයේ (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණ ගෙන ඇත.

     

    මේ වන විට රට තුළ යුදමය තත්ත්වය පහව ගොස් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති හෙයින් විදේශිකයින්ට පනවා තිබූ මෙම සංචාරක තහනම ඉවත් කිරීමට තීරණය කරතිබේ. එසේම උතුරු හා නැගෙනහිර පළාත් වෙත ප්‍රවාහනය කිරීම සඳහා තහනම් කර ඇති භාණ්ඩ ලේඛනයද සැළකිල්ලට ගෙන එයද සංශෝධනය කර තිබේ.

     

    ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වලට තවදුරටත් යුද්ධායුධ හා වෙඩි ද්‍රව්‍ය හා පුපුරන ද්‍රව්‍ය රැගෙන යාම තවදුරටත් තහනම් කෙරේ. උතුරු පළාතට පමණක් ආරක්ෂක හමුදාව භාවිත කරන රෙදිවලට සමාන රෙදි වර්ග හා දුරදක්න ප්‍රවාහනය කිරීම තහනම් වේ.මෙම භාණ්ඩ හැර අන් සියලු භාණ්ඩ කිසිදු බාධාවකින් තොරව ප්‍රවාහනය කිරීමට ද ඉඩදීමටද ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya