මැයි 13, 2025
tami eng youtube  twitter facebook

    විදේශ අමාත්‍යවරයා අද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමු වෙයි

    ජනවාරි 19, 2015

    ඉන්දීයාවේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (19) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතය.

    විදේශ අමාත්‍යවරයා ඊයේ (18) නවදිල්ලි නුවර දී ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් (Sushma Swaraj) මහත්මිය හමුවී ද්වීපාර්ශවික සාකච්ඡාවක් පැවැත්විය.  එහි දී රටේ දේශපාලන තත්ත්වය සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව ඒ මහතා විදේශ අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කර ඇත.

     

    මංගල සමරවීර මහතා නව රජයේ විදේශ අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව නිරත වූ පළමු විදෙස් සංචාරය මෙය වන අතර ඔහු ඊයේ (18) දිනයේදී නව දිල්ලි නුවරට ළඟා විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya