ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත සෞඛ්‍ය අමාත්‍ය හමුවේ

    ජනවාරි 27, 2015

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත අරවින් මතූර් මහතා අද (27) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුවිය.

    දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් වත්මන් රජයේ දින සියයේ වැඩ පිළිවෙළට සමඟාමීව පවත්වාගෙන යනු ලබන වැඩපිළිවෙළ හා විෂය යාන්ත‍්‍රණය බෙහෙවින් ඇගයීමට ලක් කළ අරවින් මතූර් මහතා එම වැඩසටහනෙහි මතු ප‍්‍රවර්ධනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සපුරාම අනුග‍්‍රහය දක්වන බව ප‍්‍රකාශ කළේය.

     

    එමෙන්ම දැනට වසර කිහිපයක් තිස්සේ ශ‍්‍ර‍්‍රී ලාංකිකයන් මුහුණ දෙන බරපතල ව්‍යසනයක් හා ඛේදනීය තත්වයක් බවට පත්ව තිබෙන වකුගඩු රෝගය හා ඩෙංගු රෝගය මෙරටින් තුරන් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රමුඛ සියලු අමාත්‍යාංශයන් හි ක‍්‍රියාකාරී දායකත්වය සහිත විශේෂ වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් මන්දපෝෂණ තත්වය දුරලීම සදහා ද  විධිමත් ඉදිරි ක‍්‍රියා මාර්ග සැකසිය යුතු බවත් පැවසූ ඒ මහතා මේ සියල්ල සඳහා ස්වකීය උපදේශකත්වය සහ අනුග‍්‍රහය දැක්වීමට තමා අපේක්ෂාවෙන් පසුවන බව වැඩිදුරටත් පැවසීය.

     

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බෝ නොවන රෝග සම්බන්ධයෙන්, ඉදිරියේදී විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් දුම් වැටි අලෙවිකරණයේ දී සියයට අසූව (80%) දක්වා රූපමය අවවාද වැඩි කිරීමට පියවර ගන්නා බවත් සදහන් කළේය.

     

    එය අතීශය ඇගයීමට ලක්කළ අර්වින් මතූර් මහතා නීති විරෝධී ලෙස දුම්කොළ ආශ‍්‍රිතව කරන නිෂ්පාදන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රතිපත්තීන් හා සම්මුතීන් සමග එකඟත්වයෙන් හා සමගාමීව කි‍්‍රයා කළ හැකි වැඩපිළිවෙළක් නොපමාව සකසා දෙන බව ද පැවසීය.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේඥ වෛද්‍ය ආචාර්ය සුජාතා සේනාරත්න, වෛද්‍ය උපුල් ගුණසේකර යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya