ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දුමින්ද සිල්වාගේ සියලු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණ නියෝගයක් Featured

    ජනවාරි 28, 2015
    දුමින්ද සිල්වා, වෙලේ සුදා හා වෙලේ සුදාගේ භාර්යාවට අයත් ගිණුම් 82ක් පරික්ෂා කෙරේ.
     
    කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා විසින් විවිධ බැංකු හා මූල්‍ය ආයතනවල  පවත්වාගෙන යනු ලබන සියලු ගිණුම් පරීක්ෂා කිරීමට පොලීසිය අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.
     
    මෙම නියෝගය ලබාගෙන තිබෙනුයේ අත්අඩංගුවේ පසුවන මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වූ ගම්පොළ විදානෙලාගේ සමන්ත කුමාර හෙවත් "වෙලේ සුදා" නැමැත්තා ප්‍රශ්න කිරීම්වලදී තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මාස් පතා මුදල් ගෙවූ බවට කළ ප්‍රකාශය පදනම් කරගෙනය.
     
    වෙලේ සුදා නැමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ආර්. දුමින්ද සිල්වාට මුදල් ලබාදී තිබෙන බව අනාවරණය වී තිබෙන අතර ම ඔහු පසුගිය දා අතුරුගිරිය ප්‍රදේශයේ දී මියගිය ලාලිත කෞෂල්‍ය හෙවත් "කුඩු ලාලිත" නැමැත්තාගෙන් ද මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. ‍
     
    මෙම කරුණු හේතුකොට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බී 211/38 යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෙම කරුණු වාර්තා කරනු ලැබූ බවත් එසේ වාර්තා කිරීමෙන් අනතුරුව  දුමින්ද සිල්වා, වෙලේ සුදා හා ඔහුගේ බිරිඳ යන තිදෙනාට බැංකු හා මූල්‍ය ආයතනවල තිබෙන ගිණුම් 82ක් පරීක්ෂා කරනු ලැබේ.
     
    ඒ අනුව ගම්පොළ විදානෙලාගේ සමන්ත කුමාර නොහොත් "වෙලේ සුදා", මානාගොඩ කංකානම්ලාගේ සමන්ත ප්‍රදීප් හා විජේසිංහ ආරච්චිගේ සුනිමල් සංජීව යන නම්වලින් ද පෙනී සිට ඇති අතර එම නම්වලින් ද ලංකාවේ මූල්‍ය ආයතනවල පවතින ගිණුම් පරීක්ෂා කිරීමට මෙන් ම වෙලේ සුදා නැමැත්තාගේ බිරිඳ වන ගයනි ප්‍රියදර්ශනී නැමැත්තියගේ නමින් ද ගිණුම් පවතී නම් එම ගිණුම් ද,  ආර්. දුමින්ද සිල්වා යන නම්වලින් පවතින සියලු ම ගිණුම් ද පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.
     
    ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙන ඒමේ ප්‍රධානතම පුද්ගලයෙකු වන "වෙලේ සුදා" පසුගිය දිනෙක විදේශ රටක දී අත්අඩංගුවවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya