ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මෙවර නිදහස් දිනය සමරන්නේ නව දේශපාලන පරිසරයක් තුළ Featured

    පෙබරවාරි 04, 2015
    67වන ජාතික නිදහස් දිනය සමරන්නේ නව දේශපාලන පරිසරයක් අපේ මාතෘ භුමියේ නිර්මාණය වෙමින් පවතින අවස්ථාවක බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
     
    අප රටට නිදහස ලබාගැනීම සඳහා මහාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා භාවත කළ ප්‍රධානත ම අවිය වූයේ ජාතීන් අතර සමගිය හා සංහිඳියාවයි. ඒ ශක්තිය අභිමුවේ නිදහස ලබාගත් පසු දේශයේ අභියෝගය වූයේ ඒ සමඟිය ආරක්ෂා කර ගනිමින් සංවර්ධනය කරා පියවර තැබීමයි.
     
    නමුත් අවාසනාවකට දෝ ඒ අභියෝගය සාර්ථක ලෙස ජය ගැනීමට අපි අපොහොසත් වීමු. 
     
    දැන් යළිදු එවැනි සොඳුරු අභිලාෂයන් ඇති කරගැනීමේ අවකාශයක් අපට උදා වී ඇත. විවිධ ජාතීන් නියෝජනය කරන, විවිධ ආගම් අදහන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා කණ්ඩායම් ගණනාවක් එක් පොදු අරමුණක් වෙනුවෙන් සියලු භේද අමතක කොට එක් පොදු වේදිකාවකට ගොනු වී ඇත.
     
    සමගියෙන් රැස්වී, සමගියෙන් සාකච්ඡා කොට, සමගියෙන් විසිර යෑමේ ලිච්ඡවී රජ සිරිත සුරකිමින්, සම්මුතිවාදී පාලනයක් ඔස්සේ යහපත් හා සෞභාග්‍යවත් දේශයක් ගොඩනැංවීම අප සැමගේ ඒකායන අරමුණය.
     
    අපේ නිදහස වඩාත් අර්ථවත් කරලීම උදසා ඒ උදාර අරමුණ වෙනුවෙන් කැපවීමට අද දිනයේ අප සැම අදිටන් කර ගනිමු.
     
    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය
     
    1
     
    2
     
    3
     
    4
     
    7
     
    9
    10

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya