ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සැබෑ ශක්‍යතාවන් සාක්‍ෂාත් කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට සහය වීමට ඇමරිකාව සූදානම් - බිස්වාල්

    පෙබරවාරි 05, 2015

    ශ‍්‍රී ලංකාවේ අද පවතින සාමකාමී, සහභාගීත්ව වැඩපිළිවෙළ සමඟ සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් දරන වෑයමේදී නව රජය සමඟ ක‍්‍රියාකිරීමට ඇමරිකා එක්සත් ජනපදය කැමැත්ත පළ කර සිටී.


    පැහැදිලිවම කළ යුතු වැඩ කටයුතු රැසක් ඇතැයි සඳහන් කරන දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය අභියෝග ආමන්ත‍්‍රණය කිරීමට හා සිය සැබෑ ශක්‍යතාවන් සාක්‍ෂාත් කර ගැනීමට ශ‍්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් ක‍්‍රියාකිරීමට ඇමරිකා එක්සත් ජනපදය බලාපොරොත්තු වන බව කියා සිටින්නීය.

    ජනවාරි 8 වනදා පැවති ඓතිහාසික මැතිවරණයෙන් පසු උදා වී ඇති උත්තේජනයේ හා සුබවාදයේ හැඟීම අත්විඳීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට ලැබීම භාග්‍යයක් යැයි සිය ශ‍්‍රී ලංකා සංචාරය නිමකරමින් බිස්වාල් මහත්මිය සඳහන් කර ඇත .

    දකුණු ආසියානු සහකාර රාජ්‍ය ලේකම් අතුල් කෙශප් මහතා සමඟ ශ‍්‍රී ලංකාවට පැමිණි සහකාර රාජ්‍ය ලේකම්වරිය ශ‍්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, නාගරික සංවර්ධන අමාත්‍ය රවුෆ් හකීම් හා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන ඇතුළු දේශපාලන නායකයන් හා සිවිල් සමාජ නියෝජිතයන් ගණනාවක් හමු වූවාය.

    ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් පසු මෙරටට පැමිණි ඉහළම පෙළේ එක්සත් ජනපද නියෝජිත කණ්ඩායම ද මෙය වේ.

     

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya