ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නැගෙනහිර පළාත් සභාව නියෝජනයට සියලුම පක්ෂවලට මුස්ලිම් කොන්ග්‍රසයෙන් ඇරයුම්

    පෙබරවාරි 09, 2015

    නැගෙනහිර පළාත් සභාව තුළ නව පරිපාලනයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු සියලුම පක්ෂවලට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා ආරාධනා කර තිබේ.

    කොළඹ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රවුෆ් හකීම් මහතා මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

     

    එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අතර පැවති එකඟතාවට ගරු කරමින් ඉදිරි වසර දෙකහමාරක කාලය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පත්කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් එහිදී අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සිය ස්තූතිය පළ කරන ලදී.

     

    ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කළේ නැගෙනහිර පළාතේ අමාත්‍ය ධුර පිරිනැමීමේ දී සියලුම පක්ෂවල සාමාජිකයින්ට‍ අවස්ථාවක් ලබාදීමට තීරණය කර ඇති බවයි.

     

    මෙම මාධ්‍ය හමුවේ දී නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය හෆීස් නසීර් අහ්මද් මහතා හඳුන්වාදීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා අමතක නොකළේය.

     

    පක්ෂ ලේකම් ජෙනරල්, රාජ්‍ය අමාත්‍ය එම්. ටී. හසන් අලි, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆසීල් කාසිම් යන මහත්වරු සහ නැගෙනහිර පළාතේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya