ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දින100ට සීමා නොවී උපරිම ශක්තියෙන් වැඩකරන්න -වයඹ ප්‍රධාන ඇමැති

    පෙබරවාරි 16, 2015
    නව රජය‍ක් යටතේ ආරම්භ කර තිබෙන දින 100හි වැඩපිළිවෙළක් පමණක් සීමා නොවී උපරීම ශක්තියෙන් කටයුතු කළ යුතු බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ  බව ප්‍රකශ ක‍ළේ අද(16) වයඹ පළාත් සභාවේ පැවති රාජ්‍ය සේවයේ නව පත්වීම්ලාභීන් 234 දෙනෙකුට පත්වීම් ලබාදීමේ  උත්සවයට එක්වෙමිනි.මෙහිදී කළමණාකාර සහකාර සේවයේ  පත්වීම් 184ක්,කාර්මික නිලධාරී පත්වීම් 45 ක්,ආදායම් පරීක්ෂක පත්වීම් 05ක් වශයෙන් පත්වීම් පිරිනැමිණි.
     
    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  පසුගිය වසරේ මෙම පළාත තුළ විශාල වැඩ කොටසක් කිරීමට හැකි වූ බවයි.
     
    රාජ්‍ය සේවකයින්ට විශාල වගකීමක පැවරී තිබෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා  වයඹ පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් 40,000ක් පමණ සිටින බව ද පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාරවර අමරා පියසීලි රත්නායක, වයඹ පළාත් ප්‍රවාහන අමාත්‍ය ගුණදාස දෙහිගම,  පළාත් සෞඛ්‍ය අමාත්‍ය ඩී. බී හේරත්. වයඹ පළාත් සභාවේ සභාපති ධර්මසිරි දසනායක, වයඹ පළාත් ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් පී.බී. එම් සිරිසේන යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya