ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    හිටපු යුද හමුදාපති ජනරාල් නිලයට

    පෙබරවාරි 23, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් හිටපු යුද හමුදාධිපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා ජනරාල් නිලයට උසස් කරනු ලැබීය.
     
    ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1980 පෙබරවාරි 06දා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට එක් වී සිය හමුදා දිවිය ආරම්භ කළ අතර අනතුරුව 1981 ජුලි 18 වන දින දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත් ව වසර 34 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව සේවය කරන ලදි.
     
    පසුගිය (21) දයා රත්නායක මහතා යුද හමුදා මූලස්ථානයේ පැවති නික්මයෑමේ උත්සවයේ දී යුද හමුදාපතිවරයා වෙත සිය රෙජිමේන්තුව වන ශ්‍රි ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් ගෞරව දැක්වීමේ ආචාර පෙලපාලියක් පැවත් වූ අතර පාබල රෙජිමේන්තු සුරතලා වන “කණ්ඩුල” හස්තියා ද මේ සඳහා එක්විය. පාබල හමුදාවේ කපිතාන් දුමින්ද පෙරේරා මෙහි අණදෙන්නා වශයෙන් කටයුතු කරන ලදි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya