ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ පැමිණිලි විභාගයට විශේෂ කමිටුවක් Featured

    පෙබරවාරි 26, 2015
    2015 ජනාධිපතිවරණයට පෙර හා පසු ව සිදු වූ බවට වාර්තා වී ඇති මැතිවරණ පැමිණිලි කඩිනමින් විභාග කිරීමට විශේෂ කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කොට ඇත.
     
    මේ වන විට ලැබී ඇති පැමිණිලි කඩිනමින් විභාග කිරීමට සහ අනාවරණය වන්නා වූ මැතිවරණ අවභාවිතයන් පිළිබඳ ව නිසි අධිකරණ ක්‍රියාමාර්ග සහ විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට අවශ්‍ය විධිමත්, කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතු යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා නීතිය, පරිපාලන, මැතිවරණ, මූල්‍ය හා විමර්ශන යන විෂය ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත ව මෙම විශේෂ කමිටුව පිහිටුවනු ඇත. මෙම කමිටු වාර්තාව දින 60ක් ඇතුළත ඉදිරිපත් කිරීමට ද නියමිතය.
     
    මාධ්‍ය අවභාවිතය, පොදු දේපළ මැතිවරණ කටයුතු සඳහා සාවද්‍ය ලෙස යොදාගැනීම, රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම, රජයේ නිලධාරීන් දේශපාලන කටයුතුවලට යොදවා ගැනීම, 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පිළිබඳ පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත.
     
    ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මැතිවරණ කටයුතු සඳහා යොදාගැනීම වෙනුවෙන් රුපියල් බිලියනයක පමණ මුදලක් එම ආයතනය වෙත ලැබීමට ඇති බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ රුපියල් මිලියන 1670 මැතිවරණ කටයුතු සඳහා යොදා ඇති බවත් ප්‍රකාශ කළ ‍සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ සඳහා මැදිහත් ව කටයුතු කළ නිලධාරීන්ට දඬුවම් පමුණුවා මුදල් අයකර ගැනීමට කටයුතු කරන බවත් පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    එම වැරදි වෙනුවෙන් නිසි පරිදි ක්‍රියාකළ හොත් ඉදිරියේ දී  එවැනි වැරදි නොවීමට කටයුතු කළ හැකි බවත් පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya