ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අත්හිටුවයි Featured

    පෙබරවාරි 27, 2015

    මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශිය සභාවල මැතිවරණය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව හෙට දිනයේ (28) නොපවත්වන බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

     

    මෙම මැතිවරණය නොපවත්වන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බලමින් පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශිය සභාවල මැතිවරණය හෙට දිනයේ නොපවත්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (27) වාරණ නියෝගයක් නිකුත් කරන ලදී.

     

     

    ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශිය සභාවල මැතිවරණය හෙට දිනයේ නොපැවැත්වෙන අතර මෙම මැතිවරණය දින නියමයකින් තොරව කල් ගිය බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.

     

    SDF

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya