ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගත යුතුයි

    අප්‍රේල් 02, 2015
    ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගත යුතු බවත් පසුගිය වසර කිහිපය තුළ ඇතැම් දේශපාලඥයන් වනාන්තර විනාශ කිරීමට රාජ්‍ය අනුග‍්‍රහය ලබාදීම නිසා අපේ ජාතික වන සම්පත මහත් ඛේදවාචකයකට ලක්වූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ගසට, කොළට නිදහසේ වැඩෙන්නට පමණක් නොව සුරතල් අලි පැටියෙකුටවත් නිදහසේ ජීවත්වීමට ඉඩ කඩ නොලැබුණු එම යුගය ජනවාරි 08 වෙනිදා රටට ආදරය කරන ජනතාව එක්ව ප‍්‍රතික්ෂේප කළ බව ජනාධිපතිතුමා කියා සිටියේය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ රාජ්‍ය දැව සංස්ථාවේ 47 වන සංවත්සර සැමරුම වෙනුවෙන් එහි වසර 30කට අධික කාලයක් සේවය කළ සහ විශ‍්‍රාම ලැබූ සේවකයන් 47 දෙනෙකු වෙත රන් සම්මාන ප‍්‍රදානය කිරීමට ඊයේ (01) පස්වරුවේ බත්තරමුල්ල රාජ්‍ය දැව සංස්ථාවේ පැවති උත්සවයට එක්වෙමිනි.
     
    පසුගිය යුගයේ මේ රටේ මැණික් කර්මාන්තය ද දේශපාලනයට නතුවූ බව සිහිපත් කළ ජනාධිපතිතුමා රටේ මැණික් සම්පතේ ප‍්‍රතිලාභ රටේ පොදු මහජනතාවට අහිමි වූ බව ප‍්‍රකාශ කළේය.
     
    එම යුගය නිමාකර රට තුළ යහ පාලනය ගොඩනගා ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගනිමින් වංචාවෙන් දූෂණයෙන් තොර නීතිගරුක සමාජයක් ඇති කරමින් අද ජීවත්වන ජනතාවට සේම හෙට උපදින දරුවන් වෙනුවෙන්ද යහපත් රටක් ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    යහපත් මිනිසුන් ගොඩනැගෙන්නේ ගස කොළ ඇති සතා සීපාව සිටින ඇළේ, දොළේ ස්වභාවික පරිසරයේ ආශ්වාදය අත්විඳින සුවදායී පරිසරයක් තුළ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ස්වභාවධර්මය සහ මිනිසා අතර ඇති සම්බන්ධතාව කිසිදු දාර්ශනිකයෙකුට වඩා අප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කළ බව කියා සිටියේය.
     
    මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya