ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජනපති ප්‍රධානත්වයෙන් පොහෝ ධර්ම දේශනාව නිකවැරටිය බුදුමුත්තාව රජමහා විහාරස්ථානයේ දී

    අප්‍රේල් 05, 2015

    ගමේ ජනතාවත් සමග ගමට ගොස් ආගමික වතාවත්වල නිරතවී නායකයන් දිය යුතු පූර්වාදර්ශය පෙරට ගනිමින් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෑම පුරපසළොස්වක පොහෝ දිනකම පැවැත්වීමට නියමිත ධර්ම දේශනා මාලාවේ පළමුවැන්න බක් මස පුර පසලොස්වක පොහෝ දින (03) නිකවැරටිය බුදුමුත්තාව රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

     

    මෙම ධර්ම දේශනා මාලාව ඉදිරියේදී සෑම පුර පසළොස්වක පොහෝ දිනකම දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් එක් විහාරස්ථානයක පැවැත්වීමට නියමිතය.

     

    පොහෝ දින ධර්ම දේශනාව සදහා සහභාගීවීමට පොහෝ දින පෙරවරුවේ නිකවැරටිය බුදුමුත්තාව රජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

     

    අනතුරුව විහාරාධිපති පූජ්‍ය දඹගොල්ලේ ධම්මාරාම නායක ස්වාමින් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසා පිරිකර පූජා කළේය.

     

    අනතුරුව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට එක් විය. අග්‍රමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ විසින් පොහෝ දින ධර්ම දේශනාව පැවැත්වීය.

     

    ජයන්ති සිරිසේන මැතිණියද, මැති ඇමතිවරුන් පිරිසක්ද ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට එක්ව සිටී අතර ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් ද ඊට සහභාගී වූහ.

     

    අනතුරුව ජනාධිපතිතුමා එම ජනතාවගේ සුව දුක් විමසමින් සුහද කථා බහකද නිරත විය.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya