ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    රටේ ආර්ථිකය දේශපාලනීකරණය කරන්නට අවශ්‍ය නෑ

    අප්‍රේල් 07, 2015
    raviරටේ ආර්ථිකය දේශපාලනීකරණය කරන්නට අවශ්‍ය නොවන බවත් විවෘතභාවයක් තිබෙන නිසා සඟවන්නට කිසිවක් නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (07) පාර්ලිමේන්තුවේදී දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව පිළිබද විවාදය ආරම්භ කරමිනි.
     
    2015 ජනවාරි 08 වෙන තුරු කිසිම ටෙන්ඩරයක් නැතිව කැබිනට් අනුමැතියක් නොමැති ව මෙතෙක් දුර ගිය වසරේ සිට ගෙවන්න තියෙන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තියෙන කූට ක්‍රියා තුළින් ඇවිත් තිබෙන ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් බිලියන 670ක්.
     
    රජයක් වශයෙන් ගිය අවුරුදු කන්දරාවක තියෙන පව් ටික අපට ගෙන යන්න තියෙන නිසා භාණ්ඩාගාර බිල්පත් ණයට ගැනීමට සිදු ව තියෙනවා.  මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරපු අයවැය හිගය රුපියල් බිලියන 520යි. දළ දේශීය නිෂ්පාදනයෙන් 5.4%යි. අපි මේක අඩු කරලා තියෙනවා 5.2%කට. අපි මේ දින 82 තුළ රජයේ සේවකයන්ගේ රුපියල් 10000කින් වැඩ ක‍රලා තියෙනවා. 
     
    විශ්‍රාම වැටුප රුපියල් 3500කින් වැඩි කර තිබෙනවා.තේ සම්බන්ධයෙන් ලබාදෙන මුදල ඒ ආකාරයෙන් ම ලබාදෙනවා.කිරි මිල වැඩි කර තිබෙනවා.අපි ගොවි ණය කපාහැර තිබෙනවා.ගැබිණි මව්වරුන්ට රුපියල් 20,000ක් ලබා දී අවසන්.අත්‍යාවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩු කළා.අපි භූමිතෙල් මිල රුපියල් 59ට අසු කළා. අපි ගෑස් සිලින්ඩරය රුපියල් 350න් අඩු කළා.සමහරු මේවා අහන්න අකමැතියි.මහපොළ 5000ක් කළා.
     
    ඇයි මෙවැනි තත්ත්වයක් ඇති වුණේ,2005 දී රටේ සම්පූර්ණ ණය බරතාව බිලියන 1784ක්.මේ වනවිට බිලියන 8331ක් දක්වා වැඩි වී තිබෙනවා. ඒ සල්ලි සංවර්ධනයට යන්නේ නැතිව දෙතුන්දෙනෙකුගේ සාක්කුවලට ගිය නිසා තමයි ප්‍රශ්නය වී තිබෙන්නේ.රජ පවුල්වලට සල්ලි ගියා.
     
    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වී තිබෙනවා.මේ රටේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කරන්නට කටයුතු කරනවා.අපේ රටේ ආර්ථික නිදහස ලැබුණේ ජනවාරි 08 දිනෙන්  පසුවයි. රටේ ආර්ථිකය දේශපාලනීකරණය කරන්නට අවශ්‍ය නෑ. විවෘතභාවයක් තිබෙන නිසා සඟවන්නට කිසිවක් නෑ.
     
    අපි ඉදිරිපත් කළ අයවැය ක්‍රියාත්මක කළා.උද්ධමනය අඩු කරනවා.දූෂණය නැත්තටම නැති කිරීම අපේ එකම අභිලාෂය.අද විවෘත පාලනයක් තිබෙනවා.මුදල් අමාත්‍යාංශයේ විවෘත පරිපාලනයක් තිබෙනවා.අපි අපේ ආර්ථිකය හදමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya