ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශී‍්‍ර ලංකා - පාකිස්තාන සබඳතා ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාමට දෙරටේ රාජ්‍ය නායකයෝ සපථ වෙති

    අප්‍රේල් 08, 2015
    ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාමට දෙරටේ රාජ්‍ය නායකයෝ ප‍්‍රතිඥා දෙති.
     
    දෙරටේ ද්වීපාර්ශවික සබඳතා පෙරටත් වඩා ශක්තිමත් ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව පකිස්තාන ජනාධිපති මම්හුන් හුසේන් මැතිතුමා පැවසීය.
     
    ශී‍්‍ර ලංකා නව රජය නව දැක්මක් සහ නව වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථික ගමන් මග ඉදිරියට ගෙන යමින් සිටින බව මෙහිදී පැවසු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ද්වීපාර්ශවික ගිවිසුම් මඟින් ශී‍්‍ර ලංකාවට ලබාදුන් පහසුකම් පිළිබඳ ව ද පකිස්තාන ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළේය.
     
    දෙරට අතර පවතින අන්‍යෝන්‍ය හුවමාරු හා පුහුණු වැඩසටහන් නැවුම් ප‍්‍රවේශයකින් යුතුව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ ව ද සාකච්ඡා වූහ.
     
    පුහුණු අංශයේ ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන් වඩා ශක්තිමත් කර ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ ව ද සාකච්ඡා වූ අතර ම නව පරපුර වෙනුවෙන් පර්යේෂණ හා තාක්ෂණ වැඩසටහන් ආරම්භ කිරීම පිළිබඳ ව ද රාජ්‍ය නායක දෙපළ අතර සාකච්ඡා විය.
     
    දෙරට අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම මෙන් ම දෙරටේ සංස්කෘතින් අතර සමානමක් පවතින බැවින් එය ඉතා වැදගත් පියවරක් වනු ඇති බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    ක්‍රීඩාව තුළින් ජාතින් අතර හොඳ මිත‍්‍රත්වයක් ගොඩනැඟිය හැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා කි‍්‍රකට් ක්‍රීඩාව තුළ දෙරටේ ඇති සමීපතාවය වැඩිදියුණු කරගත යුතු බවද ප‍්‍රකාශ කළේය.
     
    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ක්‍රීඩකයන්ට පකිස්තානයේ ලාහෝර්වලදී මුහුණදීමට සිදුවූ අසීරුතාවය පිළිබඳ තවමත පකිස්තානය කණගාටුවන බව පැවසූ පකිස්තාන ජනාධිපතිතුමා එවන් තත්ත්වයක් ඉදිරියේ දී ඇතිවීමට ඉඩ නොතබන බවද යළි අවධාරණය කළේය.
     
    එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කර දමා ශී‍්‍ර ලංකාව තුළ සාමය ස්ථාපිත කිරීමට පකිස්තාන රජයෙන් ලැබුණු සහයෝගය පිළිබඳ ව ද මෙහිදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පකිස්තාන ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පිරිනැමීය.
     
    පකිස්තාන ජනාධිපති මම්හුන් හුසේන් මැතිතුමා විසින් ශී‍්‍ර ලංකා ජනාධිපතිතුමා ඇතුළු දුත පිරිස වෙනුවෙන් පිරිනමන ලද විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයට ඉන් අනතුරුව ජනාධිපතිතුමා සහභාගි විය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා එහිදී ඉතා උණුසම් ලෙස පිළිගැනුනු අතර දෙරටේ සංස්කෘතිකාංග විදහා දක්වන විචිතාංග 
    රැසකින් එම අවස්ථාව වර්ණවත් විය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පකිස්තානයේ නිල සංචාරය සඳහා පසුගිය 06දා දිවයිනෙන් පිටත් ව ගියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya