ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙ හි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සභාවට

    අප්‍රේල් 09, 2015

     

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙ හි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තමා වෙත ලැබී ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය.

     

    පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(1) ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල වන බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (5) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු බවටත් කතානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින් අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

     

    11 වන වගන්තිය 42 (3), 43 (1), 43 (3), 44 (2) , 44 (3), 44 (5) අනුව්‍යවස්ථා සහ 26 වෙන වගන්තියේ 104 (ආ) සහ 5 (ඈ) අනුව්‍යවස්ථා සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.

     

    මෙහිදී නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජනමත විචාරණය උවමනා යැයි කියන වගන්ති සියල්ල මේ සංශෝධන මගින් ඉවත් කරන බවට කාරක සභා අවස්ථාවේ දැනුම් දෙන බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya