ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඒකරාශී කරගත යුතු සියලුදෙනා ඒකරාශී කර ගනිමින් ශී‍්‍ර.ල.නි.ප. ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කැපවෙමු - ජනපති

    අප්‍රේල් 10, 2015

    ඒකරාශී කරගත යුතු සියලුදෙනා ඒකරාශි කරගනිමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට පක්ෂයේ සියලූ සාමාජිකයින් කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පැවසීය.

     

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කරා ගෙන යාමට කිසිදු වාද බේදයක් නැතැයි ද පැවසූ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන් මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ට සාමාජිකයින් එක් කර ගනිමින් මනා සංවිධානයකින් යුතුව, ජනතාව දැනුවත් කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රාහී ගමන අරඹන්න සුදානම් වන ලෙසද පාක්ෂිකයින්ට පැවසීය.

     

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී දිවයින පුරා පැවැත්වීමට නියමිත දිස්ති‍්‍රක් නියෝජිත සමුළුවල සමාරම්භක සමුළුවට ඊයේ (09) පෙරවරුවේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ දී එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

     

    අවුරුදු 40 කට වඩා වැඩි කාලයක් සංවාදයකට පමණක් සීමාවූ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සෑම අපේක්ෂකයෙකුගේම මැතිවරණ ප‍්‍රකාශයට පමණක් ඇතුළත් වු විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතල ඉවත් කිරීමට තමන් ජනතාවට ලබාදුන් ප‍්‍රතිඥාව නිසි අයුරින්ම ඉටු කරන බවද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

     

    ඒ සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම ඉතා අත්‍යාවශ්‍ය කරුණක් බව පැවසූ ජනාධිපතිතුමා එය කිසිසේතම කල් දැමිය නොහැකි බවත් සියලුදෙනා එක්ව කඩිනමින් එය සම්මත කරගත යුතු බවත් ප‍්‍රකාශ කළේය.

     

    රටක් ලෙස යන ගමනේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සැමදා මේ රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස ආරක්ෂා කළ බවද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය.

     

    පසුබෑම්වලට හේතුවු අතීත අත්දැකීම් සිහියේ තබාගෙන අද දවසේ ඉටුකළ යුතු සියලූ යුතුකම් ඉටුකිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සියලූදෙනා කටයුතු කළයුතු බවද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය, දර්ශනය, පක්ෂයේ ව්‍යවස්ථාව පිළිබඳ පුළුල් අවබෝධයකින් සහ අධ්‍යයනයකින් යුතුව වර්තමාන ලෝකයට ගැළපෙන ආකාරයට පක්ෂයේ නව වැඩපිළිවෙල සකස් කරගතයුතු බවද පෙන්වා දුන්නේය.

     

    කුරුණෑගල දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ජයරත්න හේරත්, සාලින්ද දිසානායක, ටී.බී. ඒකනායක, එස්.බී. නාවින්න, අනුර පි‍්‍රයදර්ශන යාපා, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ශාන්ත බණ්ඩාර, නිල්වලා විජේසිංහ, සාරානාත් බස්නායක, නෙරංජින් වික‍්‍රමසිංහ යන සියලූම පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ද, ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද පළාත් සභා, ප‍්‍රාදේශිය සහා, නගර සභා මැති ඇමතිවරුන්ද මීට එක්ව සිටියහ.

     

    සමුළුවේ පිළිගැනීමේ කතාව පාර්ලිමේන්තු මන්ති‍්‍ර ජයරත්න හේරත් මහතා විසින් සිදු කළ අතර ස්තූති කථාව ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කළේය.

     

    priu/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya