අති පූජ්‍ය කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව විනාඩියක නිහඩතාවක් පළ කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළේ ය.
ඒ අනුව අපවත් වී වදාළ ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම සිහිකරමින්, විනාඩියක නිහඬතාවක් පළ කරමින් පාර්ලිමේන්තුවේ ශෝකය පළ කළේ ය.

අපවත් වී වදාළ ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ ශෝකය පළකරන බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

















