ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පොලොන්නරුව අඩු ආදායම්ලාභීන්ගේ ප්‍රමාණය 27%ක්

    අප්‍රේල් 20, 2015
    රටේ ජනතාවගේ ආදායම හා ජීවන තත්ත්වය පිළිබඳ සැලකිල්ලක් දක්වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් අඩු ආදායම්ලාභී පවුල් ප්‍රමාණය 27%ක් පමණ වන බවත් එය සමෘද්ධි වැඩසටහන ආරම්භ කළ 1994 වසරේ දී 51%ක් ව පැවැති බවත් පෙන්වා දෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එය වසර 20කට පසුව වර්තමානයේ දී 27%ක් දක්වා අඩු වී තිබෙන බවත් පෙන්වා දුන්නේය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ පසුගිය දින පොලොන්නරුව "බුද්ධි මණ්ඩපයේ" පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. මෙම උත්සවය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභීන් සඳහා ආධාර ප්‍රදානය කිරීමට මෙන් ම වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සඳහා ගොවි සංවිධාන වෙත මුදල් ආධාර ලබාදීම වෙනුවෙන් සංවිධානය කොට තිබුණි. මෙහිදී අඩු ආදායම්ලාභීන්ට 100,000බැගින් ස්වයං රැකියා සඳහා ණය සහ ගංවතුරෙන් අලාභහානියට පත් වාරිමාර්ග ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගොවි සංවිධාන 467කට රුපියල් 100,000බැගින් පිරිනැමිණි. 
     
    " එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ ජනසවියත්, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය යටතේ සමෘද්ධියත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ දිවිනැඟුමත් ආදී වශයෙන් පසුගිය දශක කිහිපයේ පැමිණි ගමන් මඟේ වත්මන් අවස්ථාවට අප පැමිණ සිටිනවා. මේ වැඩසටහන යටතේ ලැබෙන ප්‍රතිලාභ ආර්ථිකය සකස් කරගැනීමට ඉතා වැදගත් වෙනවා. එහි සාර්ථකත්වය මැනගත  හැකි වන්නේ ඔබ ලබන ආර්ථික හා සමාජ තත්ත්වය තුළයි. ඒ නිසා මේ වැඩසටහනට සුභ පතනවා" යනුවෙන් ද ජනාධිපතිතුමා පැවසීය.
     
    පසුගිය වකවානුවේදී ගංවතුරෙන් විනාශ වූ සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගොවි සංවිධාන වෙත මුදල් ලබාදීම ඉතා වැදගත් ව්‍යාපෘතියක් ලෙසන් තමන් සලකන බවත් පැවසූ ජනාධිපතිතුමා ඒ නිසා සියලු ව්‍යාපෘතීන් මෙම දිස්ත්‍රික්කයේ මෙන් ම පොදුවේ මේ රටේ ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීම සඳහාත්, රටේ දුගී භාවය අවම කිරීම මෙන් ම ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා බවත් පැවසීය.
     
    "අප නව රජයක් ලෙස බලයට පත් වී තවමත් මාස 03යි. අප වැඩ ආරම්භ කළා පමණයි. තවත් මාසෙකින්, දෙකකින් අප මැතිවරණයකට යනවා. ඉන් පසු දැන් තිබෙන තත්ත්වයට වඩා අපට බොහෝ විට නිරවුල් ව වැඩකිරීමට පුළුවන්කම තිබෙනවා. පාර්ලිමේන්තුව දෙස බැලුවත් අපට එතැන තිබෙන තත්ත්වය පෙනෙනවා" යැයි ද කීය. 
     
    රටේ තිබෙන යම් යම් දේශපාලන තත්ත්වයන්, රටේ ජනතාවට පෙනෙන යම් අවුල්සහගත ස්වභාවයන් පාර්ලිමේන්තුව විසුරුවා ඉදිරි මැතිවරණය පැවැත්වූ පසු සමනය වන බවත් එවිට අලුත් ආණ්ඩුවක් සමඟ කටයුතු කරන්නට පුළුවන්කම ලැබෙන බවත් ජනාධිපතිතුමා පැවසීය.
     
    රටේ අනාගතය ගොඩනඟන්නටත්, ශක්තිමත් කරන්නනටත් සියලු දෙනාට එකට කළ යුතු බවත් පෙන්වා දෙන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද, එක්සත් ජාතික පක්ෂය ද ආණ්ඩුවක් විදිහට පක්ෂ භේදයකින් තොරව මූලික වශයෙන් ම කල්පනා කළ යුත්තේ රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya