පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනමාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 20 වැනි දින විවාදයට ගැනීමට නියමිතව තිබූ නමුත් ඊයේ දිනයේ විවාදයට ගැනීම සිදු නොවුණි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අල්ලස් කොමිෂම ඇතුළු සියලු ආයතන ස්වාධීන වන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ ය.
මේ සියලු ආයතන දේශපාලන බැදීම්වලින් නිදහස් කරන්නයි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ යැයි ද සභානායකවරයා ඊයේ (20)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම අද (21) සහ හෙට(22) සිදු කෙරෙන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (20) පැවසීය.

















