ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 27 පාර්ලිමේන්තුවට

    අප්‍රේල් 21, 2015

    19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 27 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු දවස පුරා විවාදයට ගැනීමට නියමිත බවත් 28 දින පස්වරුවේ එය සම්මත කිරීම සිදු කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.

     

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, කතානායක ප්‍රධාන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවති බවත් ඉන්පසු පාර්ලිමේන්තුවේ සිටි ජනාධිපතිවරයා මුණගැසී වැඩිදුර සාකච්ඡා කළ බවත් පැවසීය.

     

    අග්‍රාමාත්‍යවරයා, පක්ෂ නායකයන් හා නියෝජිත මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා මුණගැසී 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ පනතේ සංශෝධන අධ්‍යයනය කළ යුතු නිසා කාලය ඉල්ලුවා. ඒ අනුව අවසන් නිගමනය වු‍ණේ ලබන 27 පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. එකගතාව අනුව 28 දින පස්වරුවේ ඡන්ද විමසීම සිදු කරනු ඇත.

     

    සියලු දෙනා හා රට වෙනුවෙන් මේ සුවිශේෂී අවස්ථාව මගහරින්නේ නැතුව සියලු පක්ෂ කටයුතු කරයි යන්න බලාපොරොත්තු වෙනවා. මුළු රට ම 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙනකම් බලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya