ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මොබිටෙල් නවෝත්පාදන මධ්‍යස්ථානය ජනපති විවෘත කරයි

    අප්‍රේල් 26, 2015
    මෙරට ජාතික දූරකතන ජාලය වන මොබිටෙල් සමාගමේ නවතම හඳුන්වාදීම වන මොබිටෙල් නවෝත්පාදන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා අතින් පෙරේදා (24) විවෘත කෙරිණි.
     
    අතිනවීන තාක්ෂණයෙන් සපිරි මෙම නවෝත්පාදන මධ්‍යස්ථානය කොළඹ Trace Expert City  හි දී විවෘත කර ඇත.
     
    දීර්ඝ කාලීන සමාජ ආර්ථීක පාරිසරික සංවර්ධනයක් වෙත මාතෘ භූමිය රැගෙන යාම සඳහා පර්යේෂණ අවස්ථා පුළුල් කිරීම මෙම නවෝත්පාදන මධ්‍යස්ථානය තුළින් අපේක්ෂා කෙරේ. මොබිටෙල් විශ්වවිද්‍යාලයද මෙහිදී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි. 
     
    පොලොන්නරුව ඓතිහාසික සෝමාවති පුදබිමේ ජාතික තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළ සංදේශය ද සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රි සුමංගල නායක හිමිපාණන් වහන්සේ වෙත ජනාධිපතිතුමා විසින් පිළිගන්වන ලදී. 
     
    මොබිටෙල් ආයතනයේ වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ පිරිසට රන් පදක්කම් ප්‍රදානය කිරිමද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    ජල පීඩන ඇන්ටනාවක් නිර්මාණය කළ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ චමත් ප්‍රබෝද් සිසුවාට ත්‍යාගයක් ප්‍රදානය කිරිමද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    අමාත්‍යවරුන්වන මංගල සමරවීර, රවුෆ් හකීම්, ගාමිණි ජයවික්‍රම පෙරේරා, මහින්ද අමරවීර, ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන, මොබිටෙල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රංජිත් රූපසිංහ යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    kpm
     
    unnamed 9
     
    unnamed 11
     
    unnamed 10
     
    pix by- PMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya