ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් සහන සේවා ලබාදීම සඳහා නේපාලයට ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් රටකට සේවාවක් සම්බන්ධයෙන් ගිය මුල්ම අවස්ථාවයි. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. මෙය සම්ප්‍රදායක් ලෙසයි ඉදිරිපත් කරන්නේ.
ප්‍රධාන ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස අප රට සහ නේපාලය අතර බලවත් සම්බන්ධතාවක් තිබෙනවා. බුදුන් වහන්සේ උපන් බිම පිහිටා තිබීම ඊට හේතුවයි.
භූමිකම්පාව සම්බන්ධයෙන් සැල වු වහාම එරට විදේශ කටයුතු අමාත්‍යතුමා,අග්‍රාමාත්‍යතුමා සමඟ සාකච්ඡා කළා. සහන ලබාදීම සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය ලේකම්තුමා ප්‍රමුඛ විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපතිතුමා ද ප්‍රකාශ කර තිබෙනවා,රටක් ලෙස නේපාලය සමඟ මේ අවස්ථාවේ එකට සිටින බව. නේපාලයේ සිටින ශ්‍රී ලංකිකයන් ගෙන්වා ගැනීමට නේපාලයේ තනාපති කාර්යාලය මඟින් කටයුතු සළසා තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
මෙහිදී අඳහස් දක් වූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා, ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් කළ සේවය පිළිබඳව ආඩම්බර වන බව පැවසී ය.

භූමි කම්පාවෙන් හානියට පත් නේපාලයට දිගින් දිගටම සහන ලබා දීම සඳහා මුල් වූ රටවල් අතරට ශ්‍රී ලංකාවට එක් වීමට හැකි වූ බවත් දිගින් දිගටම නේපාලයට සහන ලබාදිය යුතු බව ඒ සම්බන්ධයෙන් සහාය ලබාදීමට ශ්‍රී ලාංකිකයන්ට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

















