ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    19 සම්මත කර ගැනීම ජාතික වශයෙන් වැදගත් - ජනපති

    අප්‍රේල් 27, 2015

    මේ රටේ දේශපාලන ඉතිහාසයේ ඉතාමත් ඓතිහාසික අවස්ථාවක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම බවත් එය අද හා හෙට විවාදයට ගැනීමෙන් පසු සම්මත කර ගැනීම ජාතික වශයෙන් අද ජීවත් වන ජනතාව මෙන් ම හෙට උපදින දරුවන් වෙනුවෙන් ද සිදු කළ යුතු යැයි දජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.


    ජනාධිපතිතුමා මේ බව පැවසුවේ අද (27) පාර්ලිමේන්තුවේදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    දේශපාලන ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී මේ රටේ පළමු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා මෙන් ම රටේ ඓතිහාසික පෙරළියක් සිදු කළ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාත් මතක් කළ යුතුයි. ලෝකය පිළිගත් යහපත් පාලන ක්‍රමයක් ඇති කරන්න ඒ දෙදෙනා ගත් ආදර්ශය ඉදිරියට ගෙන යා යුතුයි.

    ජනාධිපතිවරයා ලෙස පසුගිය ජනවාරි 08 දින මා තෝරා පත් කර ගත්තා. ඒ නිසා මේ සංශෝධන පනත් කෙටුම්පත මා හට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. 19 ගැන කතා කරන විට විධායක ජනාධිපති ධුරය 1978 ආරම්භ වූ අතර මනාප ඡන්ද ක්‍රමයට එදා පාර්ලිමේන්තුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 07 දෙනා විරුද්ධ වුණා. විධායක ජනාධිපති ධුරයේ ඇති අසීමිත බලතල පුළුල් ජාතික ව්‍යාපාරයක් බවට පත්වුණා. 78 විධායක ජනාධිපති ධුරයේ ඇති අසීමිත බලතල ඉවත් කරන්න මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, සමාජය ගැන විශ්ලේෂණය කරන පිරිසට, ජනමාධ්‍යයට අවශ්‍ය වුණා. 1994 පොදුජන එක්සත් පෙරමුණ ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ විට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිවරණ ප්‍රකාශයේ විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම ගැන සදහන් කළා. 1999ත්, මහින්ද රාජපක්ෂ මහතා 2005, 2010, 2015ත් මැතිවරණ ප්‍රකාශවල විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම ගැන සදහන් කළා. අද අප රට එක් ස්ථාවරයකට පැමිණ තිබෙනවා. පොදු මහජනතාව මෙහි හොද අවබෝධකරගෙන තියෙනවා. ස්වාධීන කොමිසම් සභාවල වටිනාකම් ගැන පාසල් දරුවන්ට හොද දැනුමක් තියෙනවා.

    පසුගිය මාස 03 තුළ මේ ජනාධිපති ධුරයේ අසීමිත බලතල ක්‍රියාත්මක කරන්න හෝ අතට ගැනීමක් මා විසින් සිදු කලේ නැහැ. මේ කාර්යය ව්‍යවස්ථානුකූලව නීතිගත කරන්න පියවර ගත්තා. රටක බලයට පත් වූ රාජ්‍ය නායකයා වශයෙන් බලතල ඉවත් කරන්න මා නම්‍යශීලී වුණා. ව්‍යවස්ථානුකූලව, නීත්‍යනුකූලව ගරු ශ්‍රේෂ්ධාධිකරණ තීන්දුවලට එකගව ඉවත් කරන්න මා සහය දුන්නා. රටේ අනාගතය වෙනුවෙන් මේ සියල්ල කරන්නේ. මේ ව්‍යවස්ථාවේ සංශෝධනය මෙන් ම අලුත් ආණ්ඩුව ක්‍රියාකලාපය ගැන අන්තර්ජාතික වශයෙන් සහය ලැබී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන් ම අනෙකුත් සංවිධානවල, සංවර්ධිත රටවල් බලන්නේ ඒ රටේ රාජ්‍ය නායකයාගේ පාට නොවේ. ඒ රට පාලනය කරන නායකයා ඒ රට පාලනය කරන්නේ කෙසේද යන්නයි. ඒ නිසා අද ලෝකයේ සියලු ම රටවල සහය හිමිවෙනවා අද අපි ඒ සහය ල්‍බා ගෙන අන්තර්ජාතික වශයෙන් සතුරන් නැති තත්ත්වයට පත්ව සිටිනවා.

    මෙය ඉවත් කරන්න මහජනතාව වසර 38ක් තිස්සේ බලා සිටියා. එසේ ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස විධායක ජනාධිපති ධුරය සංශෝධනය කරන්න හැකි වෙනවා. 13 හා 17 හැර අනෙකුත් ව්‍යවස්තා සංශෝධනවලින් සිදු කළේ මේ ධුරයේ බලතල වැඩි කිරීමයි. 18 වෙනි සංශෝධනයේදී 78 සම්මත කළ තත්ත්වයට වඩා අසීමිත බලතල වැඩිකිරීමක් සිදු කළා යැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

    parliament

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya