ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ජනපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගනී

    මැයි 10, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (09) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.


    පසුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන් වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.


    ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩසිටින පරිශ්‍රය ආශ්‍රිතව සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණය ලක් විය.


    රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන් වහන්සේගේ ද සුවදුක් විමසීය. රුවන්වැලි සෑය අභියස පැවති කුල දරුවන් 75 දෙනෙකු සසුන්ගත කිරීමේ පුණ්‍යෝත්සවයට ද එක් වූ ජනාධිපතිතුමා සසුන්ගත වූ සාමණේර භික්ෂූන් වහන්සේලා වෙත පිරිකර පූජා කළේය.

     

    මේ අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, නියෝජ්‍ය අමාත්‍ය ඩබ්.බී. ඒකනායක යන මහත්වරු එක්ව සිටියහ.

     

    NDH/pmu-pix by Nishanka de Silva

     

    01 1

     

    01 2

     

    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya