ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නව රජය අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් තහවුරු කළා - ජනපති

    මැයි 15, 2015
    අධිකරණය දේශපාලන බලපෑම්වලට යටත් වූ යුගය නිමාකර අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් තහවුරු කිරීමට නව රජය කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
     
    මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමවලට අද කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ස්වාධීන තීන්දු ලැබී ඇත්තේ ඒ නිසා බව ද ජනාධිපතිතුමා  අවධාරණය කළේය.
     
    ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (14) අකුරණ ප‍්‍රාදේශීය සභාවේ නව තෙමහල් ගොඩනගිලි සංකිර්ණය ජනතා අයිතියට පවරා දෙමිනි.
     
    මේ රටේ ජනතාවගේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතින් තහවුරු කිරීමට පැහැදිලි වැඩපිළිවෙළක් පසුගිය මාස කිහිපය තුළ නව රජය ගෙන ගිය බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    මනාප ඡන්ද ක‍්‍රමය තුළ අපේ දේශපාලන සංස්කෘතියේ විවිධ කඩාවැටීම ඇති වූ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මනාප ඡන්ද ක‍්‍රමය තුළ ඇත්තේ රටක් ගොඩනැගීම පිළිබඳ දේශපාලන දර්ශනයක් හෝ ප‍්‍රතිපත්තියක් නොව පුද්ගලයින් ගොඩනැගීමේ ක‍්‍රමවේදයක් බව ද කියා සිටියේය.
     
    දේශපාලනය තුළ තිබිය යුතු සාමුහිකත්වය සහ පොදු බව මනාප ඡන්ද ක‍්‍රමය තුළින් නැති වී ගිය බවද පැවසූ ජනාධිපතිතුමා විධායක ජනාධිපති ධූරය ආරම්භ වූදා සිට පැවතෙන මෙම මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කර රටේ උගතුන්, බුද්ධිමතුන් සියලුදෙනාගේ අදහස් අනුව නව මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීමේ අවශ්‍යතාව අද තදින් මතුව ඇති බවද කියා සිටියේය.
     
    මහජනතාවගේ ඡන්ද බලයට ගරු කරමින් නිල කාලය අවසන් වන සියලු පළාත් පාලන ආයතන තුළ නිසි කලට මැතිවරණ පැවැත්විය යුතු බව පැවසූ ජනාධිපතිතුමා මහජන ආයතනවලට තමන් කැමැති නියෝජිතයන් පත් කර ගැනීමේ අයිතිය නිසි කලට වේලාවට රටේ ජනතාවට ලබාදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන රජයක වගකීම බවද පැවසීය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya