මහබැංකු අධිපතිවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කරුණු මතු කළ අතර ඉන් අනතුරුව සභාව උණුසුම් විය. ඉන් අනතරුව සභාව විනාඩි 10කට කල්තබන බව නියෝජ්‍ය කතානායකවරයා නිවේදනය කළේ ය.
ඉන් අනතුරුව සභාවේ කටයුතු ආරම්භ කළත්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා විසින් සිදු වී ඇතැයි කියන රටේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වන යෝජනාව විවාදයට ගන්නා ලෙස ඉල්ලීමක් කළේ ය.
ඉන් අනතුරුව, පක්ෂනායක රැස්වීමක් සඳහා සභාවේ කටයුතු විනාඩි 15කට කල්තබන බව නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේ ය.

විනාඩි 10කට කල්තබා නැවත ආරම්භ කළ පාර්ලිමේන්තුව නැවත විනාඩි 15කට කල්තබන බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේ ය.

















