ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සමඟිය තහවුරු වන අර්ථ සම්පන්න රණවිරු සැමරුමක් - අගමැති

    මැයි 20, 2015

    රිදුණු, බිදුණු හදවත් සුවපත් වන ජාතීන් අතර සමඟිය තහවුරු වන අර්ථ සම්පන්න රණවිරු සැමරුම් උළෙලකට උණුසුම් සුබ පැතුම් පිරිනමන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කරයි.

    ජාතික රණවිරු සේවා අධිකාරිය විසින් පවත්වන රණවිරු සැමරුමට සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා එසේ කියා සිටියි.

    එම සුබපැතුම් පණිවුඩයේ මෙසේද සඳහන් වේ,

    "මනුෂ්‍යත්වය පදනම් වු නිදහස් නිවහල් සමාජයක, ස්වකීය අනන්‍යතාව, සංස්කෘතිය රැකගනිමින් දිවි ගෙවීමේ අයිතිය සෑම පුරවැසියෙකුටම හිමි විය යුතුය. පෘථිවි තලයේ ඉතා කුඩා භූමි වපසරියක විහිදෙන අප මව්බිම බෙදා වෙන්කර සීමා මායිම් පනවා ගත යුතු නොවේ. අන්‍ය සංස්කෘතීන්ට සම්ප‍්‍රදායන්ට ගරු කරමින් එකම ජනතාවක් ලෙස ජාති, ආගම්, භේදයකින් තොරව එක්සත්ව ජීවත්වීම අත්‍යවශ්‍යය වේ.

    යුද්ධය නිම කරමින් මුළු රටම දීර්ඝ කාලීන වෙළාගෙන පැවැති ත‍්‍රස්තවාදී භීතිකාව අවසන් කළ විරෝදාර රණවිරුවෝ ඒ සඳහා මූලික අඩිතාලම දැමුහ. මෙය සමස්ත ශී‍්‍ර ලාංකේය ජනතාව වෙනුවෙන් දේශයේ සාමය ස්ථාපිත කිරීම සඳහා ගෙන ගිය වැඩපිවෙළක් බව අප තේරුම් ගත යුතු වේ.

    ජාතීන් අතර එකමුතු බව, සුහදශීලීත්වය, අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනංවමින් සාමකාමී සමෘද්ධිමත් දේශයක් තුළ සැමට අභිමානයෙන් යුතුව ජීවත්වීමේ හැකියාව තහවුරු කිරීම ද අද අපට පැවරී ඇති භාරධූර වගකීමකි.

    යුද්ධය වෙනුවෙන් දිවි දුන් සහ ආබාධිත වූ සියලු රණවිරුවන් මේ මොහොතේ දී මහත් කෘතවේදීව සිහිපත් කළ යුතු වෙමු. ඔවුන්ගේ පවුල්, දරුවන් රැකබලා ගැනීම අපගේ යුතුකමකි. එලෙසින්ම යුද්ධය නිසා අසරණභාවයට පීඩාවට පත් සෑම දෙනා වෙනුවෙන් මානුෂිකව මැදිහත්වීම ඉතාම වැදගත් ය.

    රණවිරු පවුල් වෙනුවෙන් රණවිරු සේවා අධිකාරිය විසින් සිදු කරන මෙහෙවර අගය කරමින් රිදුණු,බිදුණු හදවත් සුවපත් වන ජාතීන් අතර සමඟිය තහවුරු වන අර්ථ සම්පන්න රණවිරු උළෙලකට මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි"

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya