ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අධිකරණ බලය තිබෙන්නේ මේ රටේ ජනතාවටයි

    මැයි 20, 2015

    A ranil-parliamentඅධිකරණ බලය තිබෙන්නේ මේ රටේ ජනතාවටයි.ජනතාව පාර්ලිමේන්තුව මාර්ගයේ ඒ කටයුත්ත ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අභියෝගයට ලක් කරමින් ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම හා දෙන ලද නියෝග පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විසින් විවිධ අවස්ථාවල කර ඇතැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී ස්ථවර නියෝග 23(2)යටතේ සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.


    126 (2) යටතේ පූර්ව අවසරය දෙන එක ගැන විනිසුරුවරු දෙදෙනෙක් ගැන ප්‍රශ්නයක් නෑ. ඒත් විශේෂයෙන් ම ප්‍රධාන පාර්ශවකරුවන්ට දැනුම් නොදී විනිසුරුවරු දෙදෙනෙක් තහනම් නියෝගයක් දෙන එක ගැන, විශේෂයෙන් ම 132 (2) යටතේ විනිසුරුවරුන් තිදෙනෙක් වුවමනයි කියලා,ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙනවා.මෙහි ප්‍රථම වරට නීතිමය ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා.මෙතැන තිබෙන්නේ නීතිමය ප්‍රශ්නයක්.ඒ අනුව ශේෂ්ඨාධිකරණයට සිදු වෙනවා,125 යටතේ,අපි අහනවා අර්ථනිරූපණයක් කළ හැකි ද කියලා.නීතිඥවරු කියු ලෙසට
    පාර්ශවකරුවෙකු ලෙස ප්‍රශ්නයක් යොමු කළා.

    මීට පෙර නොතිබූ ප්‍රශ්න කීපයක් මෙතැන දි මතු වෙනවා. අධිකරණ බලය තිබෙන්නේ මේ රටේ ජනතාවටයි.ජනතාව පාර්ලිමේන්තුව මාර්ගයේ ඒ කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ.අපේ වරප්‍රසාද පිළිබඳව අපිට පුළුවන් තීරණ ගන්න. ශ්‍රේෂ්ඨාධිකරණ වින්ශ්චයකාරවරයෙක් ඉවත් කරන්නට දෝෂාභියෝග බලතල තිබෙන්නේ,පාර්ලිමේන්තුවටයි.අධිකරණ බලතල පාර්ලිමේන්තුව මාර්ගයෙන් ක්‍රියාත්මක කරන නිසා ඒ පිළිබඳව අපට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්.

    මා හටවත් රජයටවත් කිසිම වුවමනාවක් නෑ,දෝෂාභියෝග අයිතිය ගැන තර්ක කරන්නට යන්නේ නෑ.ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ නඩු ඇසුවා වාගේ කරන්නට අපිට අවශ්‍ය නෑ.

    අපි පාර්ලිමේන්තුව ගත යුතු ක්‍රියාමාර්ගය කුමක් ද කියලා,අධ්‍යයනය කර කියන්නම්.මොකද අපේ නීතිවලට අමතරව අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානීන්ගේ ප්‍රකාශයට 2013 අත්සන් කළා.එය අත්සන් කළේ මා නොවේ.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අත්සන් කළේ.

    ''අපිට අයිතියක් තිබෙනවා නීතියේ අධිපත්‍ය ජනතාවට වගකීම සහතික කරමින් තම රටවල ජනතාවගේ සුරක්ෂිතභාවය සඳහා අත්‍යාවශ්‍ය අංගයක් ලෙස නීතියේ ආධිපත්‍ය මත පූර්ණ විශ්වාසය තබන බව පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයින් විසින් තහවුරු කරන ලදී.

    ස්වාධීන ඵලදායී අධිකරණ පද්ධතියකට සහාය දැක්වීම ස්වාධීන අපක්ෂපාතී, අවංක හා කාර්යක්ෂම නෛතික ක්‍රමයක් අනුගමය කිරීම සහ ප්‍රමාදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීම,ඔස්සේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ද නීතිය අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය
    තහවුරු කිරීමට ද ඔවුන් සහය පල කළහ.

    එක්සත් ජාතීන්ගේ දූෂණය පිළිබඳව වූ සම්මුතිය පිළිගැනීම හා ක්‍රියාත්මක කිරීම ඇතුළුව ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සිදු වන දූෂණය තුරන් කිරීමේ ප්‍රයත්නයන් තහවුරු කිරීමේ හා කඩිනම් කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය නායකයින් විසින් පෙන්වා දෙන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් නොසළකා නොසිටමින් ක්‍රියාත්මක විය යුතු බව නායකයින් අවධාරණය කළහ.දූෂණය පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රියා පිළිවෙත අනුගමනය කරමින් විශේෂයෙන් ම සාමාජික රටවල නීත්‍යානුකූල නොවන අන්දමින් ලැබෙන අරමුදල් හා දේපළ හඳුනාගැනීම, සොයාගැනීම,වත්කම් තහනම් කිරීම හා නැවත හිමි රටවල් සඳහා ලබා දීම එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුකූලව සිදු කිරීම සඳහා සහාය පල කිරීම ද නායකයන් විසින් එකඟත්වය පල කරන ලදී.''

    මේ අයගෙත් අඳහස් අරගෙන අපි මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමු.පාර්ලිමේන්තුව අන්තිමට තීරණය ගන්නේ.මෙය 2013 අත්සන් කළේ නැත්නම් අපිට අහන්න අවශ්‍ය නෑ.පාර්ලිමේන්තුව සමඟ හැප්පෙන්න වුවනාවක් නෑ.

    මෙය දූෂණය නැති කරන ක්‍රියාවලියක්.අපි පාර්ලිමේන්තුව අනුව ක්‍රියාකරන්නට අවශ්‍යයි. ඔබතුමන්ලාගේ නායකයා කවුද?මෙතැන බලන්නේ පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන්නයි.මෙතැන බලන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කකුලෙන් අදින්නයි.18
    වැනි සංශෝධනය ගෙනැල්ලා පාර්ලිමේන්තුවේ බලය නැති කළා.

    පාර්ලිමේන්තුවේ මුදල් බලය නැති කළා. එය අපි නැවත ඇති කරන්නයි යන්නේ.මෙතැන බය වෙලා තියෙන්නේ ඡන්දයකට යන්නයි.වෙන දෙයක් නොවේ යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya