ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    එස්.ඩී. මානව හිතවාදී පුද්ගලයෙක්

    මැයි 22, 2015
    එස්.ඩී. බණ්ඩාරනායක මහතා මානව දයාවෙන් යුතු මානව හිතවාදී පුද්ගලයෙකු බවත් ශ්‍රී ලංකා දේශපාලන ධාරාව තුළ එස්.ඩී. භූමිකාව සොදුරු, විටක රැඩිකල්, හිතුවක්කාර චරිතයක් බවත් ජනාමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ,  අද (22) පාර්ලිමේන්තුවේදී අභාවප්‍රාප්ත එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ශෝක ප්‍රකාශ යෝජනාව සාකච්ඡාවට ගත් අවස්ථාවේ අදහස් දක්වමිනි.
     
    1952දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට මුහුණ දී ආසන 9ක් දිනා ගත් අවස්ථාවේ එතුමාත් ආසනයක් දිනාගැනීමට සමත් වුණා. ඩී.එස්, එන්.එම්, ජේ.ආර්, දි.මු, වි.ජ.මු යනාදී වශයෙන් පාර්ලිමේන්තුවට අකුරු 02කින් අමතන දේශපාලඥයන් අතර එස්.ඩී. නමත් කිසිවෙකුට අමතක වෙන්නේ නැහැ.
     
    ජාතික ආණ්ඩු සංකල්පය ගැන මුලින් ම කතා කළේ එතුමා බව මා අසා තියෙනවා. මේ රටේ පවතින ජාතික ප්‍රශ්නයේදී රට ගොඩගන්න නම් රට තුළ ජාතික ආණ්ඩුවක් ඇති කළ යුතු බව එතුමා ප්‍රකාශ කළා. ජේ.ආර්. ආණ්ඩුව කාලේ ගාමිණී, ලලිත් මහත්වරුන් සමග ජේ.ආර්. මුණගැසී ජාතික ආණ්ඩුවක ඇති වැදගත්කම ගැන එතුමා කතා කළා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපන්නත් හැදුවා. ඉඹුල්ගොඩ වීරයා ලෙස නම් ලැබූ එතුමා සරල, නිහතමානී පුද්ගලයෙක්. ජනප්‍රිය තනතුරු වෙනුවෙන් බලය වෙනුවෙන් එතුමා හිස උදුම්මා ගත් පුද්ගලයෙක් නොවන බව ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya