විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබා ගත්තේ ය.
අනතුරුව විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය වැලිමඩ ශාන්ත හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා පිරිකර පූජා කළේය.
අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඤානීස්සර නායක හිමිපාණන් වහන්සේ, මියන්මාර් ජාතික ආචාර්ය පූජ්‍ය අසීන් ඤානීස්සර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු ගිහි පිරිස් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB



















