ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සැම සිත් පහන් වන බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා - අගමැති

    ජූනි 02, 2015

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පොසොන් දින පණිවුඩය,

     

    “පෙරදිග බිහි වූ විශිෂ්ඨතම අධ්‍යාත්මික දර්ශනය අප මව්බිමට උරුමයක් ලෙස තිළිණ වූ උත්තරීතර දිනය අපි පොසොන් පොහොය දින සමරන්නෙමු. ධර්මාශෝක රජතුමන්ගේ ධර්මදූත මෙහෙවරේ ප්‍රමුඛ කාර්යයක් ලෙස මිහිඳු මහ රහතන්වහන්සේ ඇතුළු පිරිස බුදු දහම රැගෙන වැඩම කිරීම අප දේශයේ, සංස්කෘතියේ නව යුගයක් උදා වූ ඓතිහාසික අවස්ථාවකි.

     

    නිවහල් චින්තනය, අවිහිංසාව, මෛත්‍රිය පෙරදැරි කරගත් නිර්මල බුදුදහම,  දඩකෙලියේ ගිය තිස්ස රජතුමන් ඇතුළුව සමස්ත ලාංකේය ජනතාව තෙරුවන් සරණ යන සැදැහැවත් ජනතාවක් බවට පත් කරන්නට සමත් විය. එම නව ජීවනය මිනිස් සිත්සතන් වලට සීමා නොවී පාලන තන්ත්‍රයට ද, සාහිත්‍ය කලා ශිල්පයන්ට ද, කෘෂි කර්මාන්තය, වාරි කර්මාන්තය ආදී කර්මාන්තවලට ද සමස්ත දේශයට ද විහිද පැතිර ගියේ ය.

     

    බුදු දහමේ ව්‍යාප්තිය සඳහා ලොව කිසිදු තැනක ආක්‍රමණයක් සිදු වී නැත. අන්‍ය ආගම්වලට, සංස්කෘතීන්ට ගරු කරමින් සහජීවනයෙන් දිවි ගෙවීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරන ආගම් සහ දර්ශනයන් අතර බුදු දහම අද්විතීය වන්නේය.  නමුත්  අන්තවාදී මතවාද, අදූරදර්ශී ක්‍රියා පිළිවෙත්, ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිසා මෑත කාලයේ බුදු දහමේ ධාර්මික චින්තනයත්, මෛත්‍රීය පදනම් කරගත් අවිහිංසාවාදී ක්‍රියා පිළිවෙතත් අභියෝගයට ලක් වීම ඛේදජනක ය.

     

    මේ තත්වය වෙනස් කිරීමට කටයුතු කිරීම අප සැමගේ වගකීමකි. බාහිර වත්පිළිවෙත් තුළින් නොව සැබෑ දහම් හරයෙන් අප ජීවිත පොහොසත් කරගනිමු. පරමාදර්ශීව අන්‍ය ආගම් සහ සංස්කෘතීන්ට ගරු කරමින් සහජීවනයෙන් ජීවත් වෙමු.

     

    ඒ සඳහා සැම සිත් පහන් වන බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

     

    තෙරුවන් සරණයි....“

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya