ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පොසොන් පුන් පොහෝ දිනයේ ඓතිහාසික සෝමාවති පුදබිමේ පැවති ආගමික වතාවත්වලට ජනපති එක් වෙයි

    ජූනි 03, 2015
    පොසොන් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ඓතිහාසික සෝමාවති පුදබිමේදී ආගමික වතාවත් රැසක් ඊයේ (03) පස්වරුවේ පැවැත්විණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ද  එම ආගමික වතාවත් සඳහා එක් විය.
     
    ඊයේ පස්වරුවේ ඓතිහාසික සෝමාවති පුද බිම වෙත ගිය ජනාධිපතිතුමා පළමුව සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පාහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසා පිරිකර පූජා කළේය. 
     
    අනතුරුව ආගමික වතාවත් සඳහා එක් වූ අතර විහාරාධිපති හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    සෝමාවතී පුදබිමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ජල ලීටර් ලක්ෂයක ධාරිතාවයකින් යුත් පානීය ජන බහලුම ජනතා අයිතියට පවරා දෙනු ලැබුවේ ද ජනාධිපතිතුමා අතිනි.
     
    ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනයේ අනුග්‍රහයෙන් සෝමාවති පුදබිම තුළ වයි- ෆයි කලාපය මුදා හැරීම, ස්ථාවර දුරකථන පහසුකම් ලබාදීම, පියෝ ටී.වී පහසුකම් ලබාදීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර  ඓතිහාසික සෝමාවති පුද බිමේ නව වෙබ් අඩිවය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිනි.
     
    පොසොන් පුන් පොහෝ දිනය නිමිත්තෙන් දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් සෝමාවති පුද බිම වෙත පැමිණ සිටි අතර ඔවුන්ගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහකට ද එක් විය.
     
    ජයන්ති සිරිසේන මැතිණිය ද, අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, පා.ම සිරිපාල ගම්ලත් යන මහත්වරු ද ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    ඡායාරූප -  ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya