ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජගත් පරිසර දින සැමරුම් මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් විහාරමහාදේවි උද්‍යානයේ දී

    ජූනි 06, 2015

    ජුනි මස 05 වෙනිදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් ආරම්භ කරන ලද ජාතික පරිසර දින මහෝත්සවයේ දෙවන දිනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරු 09.00ට හාරමහාදේවි උද්‍යානයේ දී පැවැත්වේ.

     

    ඊයේ (05) දිනයේ ආරම්භ වූ මෙම වැඩසටහන පැවැත්වෙන දෙදින තුළ පාරිසරික ප්‍රදර්ශනයක්, පාගමනක්, විවෘත සංවාද, දේශන මාලා සහ සංස්කෘතිකාංග රැසක් පැවැත්වේ. අද දින පස්වරුවේ ද විවෘත සංවාද දෙකක් පැවැත්වීමට නියමිතය.

     

    ජනාධිපතිතුමා පාරිසරික ප්‍රදර්ශනය නැරඹීමෙන් අනතුරුව විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිත අතර මෙහිදී සම්මාන ප්‍රදානයක් ද ජනාධිපතිතුමන් අතින් සිදු කෙරේ.

     

    “බිලියන 7ක ජනකායක් - එක මිහිමඬලක් - අරපරිස්සම් වෙමු“ තේමාව යටතේ මෙවර පරිසර දින වැඩසටහන පැවැත්වේ. පරිසර රජ්‍ය  අමාත්‍යංශයේ උපදේශකත්වයෙන් පාරිසරික ජන සංසදය හා කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

     

    අද දින (06) වැඩසටහනේ මූලිකාංග

     

    පෙ.ව. 09.00 - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය

    පෙ.ව. 09.05  - ජනාධිපතිතුමා ප්‍රදර්ශනය නැරඹීම

    පෙ.ව. 09.30  - මිහිමව් ප්‍රසාදිනී සම්මාන සභාව

    පෙ.ව. 09.45  - පරිසර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතාගේ අදහස් දැක්වීම

    පෙ.ව. 10.00  - සම්මාන ප්‍රදානය

    පෙ.ව. 10.20  - ජනාධිපතිතුමන්ගේ විශේෂ දෙසුම


    පෙ.ව. 13.30 - විවෘත සංවාදය - “ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සහ පාරසරික ගැටළු
            සජීව චාමිකර, අධ්‍යක්ෂ, පරිසර සංරක්ෂණ භාරය

    පෙ.ව. 15.00 - විවෘත සංවාදය - ජීවිතය හා පරිසරය පිළිබඳ කලාව
            කරුණාදාස මුණගම, සභාපති, මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම

    පෙ.ව. 17.00 - පරිසර සැමරුම් උළෙලේ සමාප්තිය

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya