ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පරිසර හිතකාමී ජීවන රටාවකට යොමු වෙමින් මිහිතලය සුරකින්නට ඇප කැප වෙමු - අගමැති

    ජූනි 05, 2015

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජගත් පරිසර දින (ජුනි 05) පණිවුඩය,

     

    “තමන් අදහන දහම වෙනුවෙන් ජීවිතය වුව දෙන්නට සූදානම් මිනිසුන් ඒ සෑම දහමක ම ජීවය වූ සොබාදහම නොතකා හැරීම බරපතල ඛේදවාචකයකි. පරිසර විනාශය මනුෂ්‍ය සංහතියේ අනිවාර්ය විනාශය බව දැන දැනම පරිසරය රැකගන්නට පියවර නොගැනීම තරම් අසංවේදී බවක් තවත් නැත.

     

    මහා පරිමාණ පරිසර අර්බුද හේතුවෙන් ආර්ථික බලවතුන්ට, බහුජාතික සමාගම්වලට වරද පටවන අපි සොබාදහමට එරෙහිව අප අතින් දෛනිකව සිදුවන අනන්ත අප්‍රමාණ වැරදි නොතකා හරිමු.  "තිරසර භාවිතය - සුරකී මිහිතලය" මෙවර පරිසර දින තේමාව වශයෙන් යොදාගෙන ඇත්තේ සමස්ත ප්‍රජාවට පරිසරය සුරැකීම සම්බන්ධයෙන් සංවේදීව මැදිහත් වීමට අවශ්‍ය මඟ පෙන්වනු සඳහා ය.

     

    ජලය, විදුලිය අරපිරිමැස්මෙන් භාවිතය, පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ පරිසර හිතකාමී විකල්ප මාධ්‍ය භාවිත කිරීම, පැල සිටුවීම, වන වගාව, කුණු කසල විධිමත්ව බැහැර කිරීම ආදී වශයෙන් තම ජීවන රටාවේ සුබවාදී වෙනස්වීම් හරහා පරිසරය සුරකින්නට ලබා දිය හැකි දායකත්වය අති මහත් ය.

     

    තුරුලිය ගොමු සෙවණ ලබමින්, ඇල දොල වැව් පොකුණු සිහිලස විදිමින්, ඉර-හඳ-තරු අසිරිය අත්දකිමින්, මිහිකත-අහස-සමුදුර සමීප කරගනිමින් පරිසරයට සංවේදීව දිවි ගෙවීමට අපේ දරුවන්ට ඉඩ ලබා දිය යුතුය. සොබාදහමේ සුන්දරත්වය අත්විදින,  මිනිසා සහ පරිසරය අතර සහජීවනය අත්දකින දරුවා එය රැකගැන්මට නිතැතින්ම යොමු වනු ඇත.

     

    පරිසර හිතකාමී ජීවන රටාවකට යොමු වෙමින් මිහිතලය සුරකින්නට ඇප කැප වෙමු. ඒ පිළිබඳව මෙනෙහි කරන්නට, සංවාද වන්නට, ක්‍රියාත්මක වන්නට මෙම පරිසර දිනය සුවිශේෂ අවස්ථාවක් කරගනිමු. “

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya