ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජනපති ප්‍රධානත්වයෙන් බාලදක්ෂ හා මහජන සම්බන්ධතා සතිය ඇරඹේ

    ජූනි 06, 2015

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරනු ලබන බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතිය ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි.

    ඒ අනුව බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතිය ඊයේ දිනයෙන් ආරම්භ වූ අතර එම සතියේදී දිවයින පුරා විවිධ වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

    කණ්ඩායම් හැගීමෙන් යුතුව වැඩකිරීමට පුරුදු පුහුණුවෙමින් බාලදක්ෂයින්ගේ හැකියාවන් ලෝකයට හුරු කිරීමත්, ප්‍රජාව සමඟ අන්තර් සම්බන්ධතා ඇති කර ගැනීමත්, ජීවිත හැඩගැස්වීම සඳහා ගුණාත්මක වර්ධනයක් ඇති කිරීමට මංපෙත් විවර කිරීමත් මෙමගින් බලාපොරොත්තු වේ.

    මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිතුමන් පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ බාලදක්ෂයෙක් ලෙස තමා ලද අත්දැකීම් බාලදක්ෂ දරුවන් වෙත පැහැදිලි කිරීමට ද අමතක නොකළේය.

    බාලදක්ෂ දරුවෙකු විසින් ප්‍රථම කාඩ් පත ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කරන ලද අතර වැඩ සතියේ සංවිධායක රොහාන් ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.

    ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් සිල්වා, ජාත්‍යන්තර කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුථ බාලදක්ෂ කොමසාරිස්වරු, පසුගිය වසරේ බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතියේ හොඳම කණ්ඩායම ලෙස තේරුණු කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම සහ බාලදක්ෂයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya