ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මනාප ඡන්ද ක‍්‍රමය අවසන් කර සුචරිතවත් දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනගනවා

    ජූනි 09, 2015
    එදා ගෞරවනීය චරිතයක් වූ දේශපාලනඥයා පසුගිය දශක දෙකක් වැනි කෙටි කාලයක් තුළ අගෞරවනීය චරිතයක් බවට පත් වූයේ මනාප ඡන්ද ක‍්‍රමය නිසා බව පැවසූ ජනාධිපතිතුමා එම වරද වහා නිවැරදි කර සුචරිතවත් දේශපාලන සංස්කෘතියක් යළි රට තුළ ගොඩනගන බව පැවසීය.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා රත්මලාන තරුණ සේවා සභාවේ පැවති හිටපු අමාත්‍යවරයෙකු වන දිවංගත සී.වී. ගුණරත්න මහතාගේ 15 වන ගුණ සමරු උත්සවයට එක්වෙමිනි.
     
    දූෂණය, අක‍්‍රමිකතාව, රාජ්‍ය බලය වැරදි ලෙස භාවිත කිරීම, රාජ්‍ය සම්පත් තම පවුලේ අයගේ සුඛවිහරණය සඳහා යෙදවීම යන කරුණු තුළින් මෙරට දේශපාලනයේ සුජාතභාවය විනාශ වී ගිය බව පැවසූ ජනාධිපතිතුමා තමන්ගේ සුඛවිහරණය සඳහා නොව ජනතාවගේ සුඛවිහරණය සඳහා කටයුතු කරන දේශපාලනඥයන් යළි රට තුළ ගොඩනැගිය යුතු බව පැවසීය.
     
    දේශපාලනඥයා සමාජයට අවනත පුද්ගලයෙකු විය යුතුයි. එසේ නොවුනහොත් ඔහු සමාජයෙන් ප‍්‍රතික්ෂේප වන බවත් ජනාධිපතිතුමා කියා සිටියේය.
     
    චරිතවත් දේශපාලනඥයෙක් වූ සී.වී. ගුණරත්න මහතාගේ ගුණ මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා එතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉටු කළ මහඟු මෙහරව ඇගයීමට ලක් කළේය.
     
    දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු පුරපතිවරයෙකු, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු හා හිටපු කර්මාන්ත ඇමතිවරයෙකු වූ සී.වී. ගුණරත්න මහතා 2000 වර්ෂයේදී කොටි ත‍්‍රස්තවාදින්ගේ බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගත්තේ ය.
     
    ගුණ සමරු උත්සවයේ පිළිගැනීමේ කථාව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අධිනීතිඥ කීර්ති උඩවත්ත මහතා විසින් සිදු කළ අතර විශේෂ දේශනය හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරී ලයනල් ප‍්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදී.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya